We Don’t Guess — We Solve

We Don’t Guess — We Solve

Pure logic. Applied thinking. Guaranteed understanding.

Our Story

úYsIag;ajfha ch.%yK

2018

The Professional Foundation

ආරම්භය: ජයවර්ධනපුර උපාධියෙන් පසු කොළඹ කුඩා කණ්ඩායම් පන්ති ඇරඹීම.

දැක්ම: රාජකීය විද්‍යාලයීය පන්නරය සමඟ ගණිතය සරලව ඉගැන්වීම.

2021

Establishing Excellence

ප්‍රථිඵල: ප්‍රථම වතාවට සිසුන් 71ක් රජයේ විශ්ව විද්‍යාලයට.

විශ්වාසය: විධිමත් ඉගැන්වීම් නිසා සිසුන් අතර වේගයෙන් ජනප්‍රිය වීම.

2022

Strategic Growth

ප්‍රතිඵල: සරසවි වරම් ලැබූ සිසුන් 156 දක්වා දෙගුණ වීම.

නවීකරණය: වඩාත් විශ්වාසනීය සහ ආකර්ෂණීය ටියුෂන් පද්ධතියක් බවට පත්වීම.

2023

The Record-Breaking Year

  • ඓතිහාසික ප්‍රතිඵල: කොළඹ දිස්ත්‍රික්කයේ තනි පන්තියකින් වැඩිම සිසුන් පිරිසක් (541+) සරසවි යැවූ එකම සංයුක්ත ගණිත පාඨමාලාව.
  • සාමාර්ථ: A සාමාර්ථ 110 සහ B සාමාර්ථ 226 (මුළු A/B සාමාර්ථ 336).

2024

Engineering & Tech Leadership

ඉංජිනේරු සහ තාක්ෂණ: ඉංජිනේරු (Eng) 150+ සහ පරිගණක විද්‍යා (CS) 75+.

ප්‍රතිඵල සහතිකය: දිවයිනේ ඉහළම සරසවි ප්‍රවේශ ප්‍රතිශතය.

Our Classes

අපගේ පන්ති මාලාව

2027 Theory

විෂය නිර්දේශය මුල සිට සරලව. සියලුම සිද්ධාන්ත තර්කානුකූලව සහ පැහැදිලිව ඉගෙන ගන්න අදම සම්බන්ධ වන්න.

2027 Revision

කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශය පුනරීක්ෂණය කරමින්, ඔබේ දැනුම විභාගයට ගැළපෙන පරිදි යාවත්කාලීන කරගන්න.

2027 Paper

විෂය නිර්දේශයේ ආරම්භයේ සිටම විභාග මට්ටමේ ප්‍රශ්න වලට හුරුවන්න. ක්‍රමවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ තර්කානුකූල කෙටි ක්‍රම මඟින් ඔබේ වේගය සහ නිරවද්‍යතාවය වර්ධනය කරගන්න.

Testimonials

අප ගැන කියන දේ

Isuru sandeepa

Isuru sandeepa

Student

"බින්දුවෙන් පටන් ගන්න ලැජ්ජා වෙන්න එපා ඒත් බින්දුවෙන් ඉවර කරන්න ලැජ්ජා වෙන්න.💯👍 මගේ ජීවිත කාතාවේ මට හම්බුනු දෙවි කෙනෙක්...❤️ ගුරුවරුන්ට දෙවියෝ කියනවා අන්න ඒ කතාව පට්ට ඇත්ත...💯 බින්දුවේ හිටිය මං අද මං ගැන සතුටු වෙන තැනකට ආවේ සර් නිසා...මගේ ලෝකෝ තාත්‍තාට පස්සේ හම්බුනු හොඳම හමුවීමක් ආදරෙයි මගේ සර්.... සර්ගේ මේ වැඩ දියුනුවෙන් දියුනුවටම පත් වේවා...හැමදාමත් සූසා අංක 1❤️✅ එච්චරයි...❤️🥺🥰"

Kawmini Pabasara

Kawmini Pabasara

Student

"හදවතටම දැනෙන මිනිස්සු හරි අඩුයි...අපි වෙනුවෙන්ම කැපවෙන මිනිසුත් අඩුයි.. first shy F වලින් පටන් ගත්ත මන් අද හුගක් දුර ආවා... පොත් ගොඩක් එකතු උනා..tutes ගොඩක්...paper ගොඩක් ... 🤗 ඒ ගෙවුන කාලය ගොඩක් ලස්සනයි සර්... සර්ට ගොඩක් පින්...පාවෙවී..තිබුන හීන ආපහු...අපිට ලගා කරන්න දරපු අසීමිත කැපවීමට. බුදුසරණයි සර්..🤍🥰"

Sithmi Amani

Sithmi Amani

Student

"සර් කරපු දේවල් වලට ගොඩක් පින් සර් .මැත්ස් ගොඩ ගියොත් ගොඩ යන්නෙ සර් නිසා .පලවෙනි පාර මම ෆේල් .ඒත් මේ පාර ඒම වෙන්නෙ නෑ .සර් නිසා තමා ඉගෙන ගන්න ආස හිතුනේ මේක .සර්ට කවදාවත් වරදින්නෙ නෑ සර් .සර් ළමයි වෙනුවෙන් මේ කරන දේවල් මට හම්බුන සර්ලා කරලා නෑ .සර් ගෙ ක්ලාස් එක අදින් ඉවර උනාට සර් හැමදාම හදවතේ ඉන්න සර් කෙනෙක් සර් .සර් හිතන් ඉන්න ගමන යන්න සර්ට හදවතින්ම සුභ පතනව සර් ❤❤"

Kaveesha sandaruwan

Kaveesha sandaruwan

Student

"අන්තිම මාස තුනේ ඇවිල්ලා ගහපු ගේම... ගොඩාක් පින් සර්. ❤️ මේ කරපු දේවල් වලට. English Medium කරන්න අමාරුයි තමා සිංහල පන්තියක. හැබැයි Sirge Knowledge එක දෙන විදියට වෙන ලංකාවේ කවුරුත් නෑ. තියෙනවා තව ගොඩාක් දේවල් කියන්න. Exam ඉවර වෙලා හැමදේම ලියන්නම්. මේක ලිව්වෙත් Complex Numbers Note එක බලද්දී කරපු වඩ් දැකලා ආව Confidence එකට. ආදරෙයි සර් ❤️"

Our Work Process

අපගේ ක්‍රියාදාමය

Correct Subject Content

විෂය නිර්දේශයට අනුකූලව නිවැරදි විෂය කරුණු මැනවින් ආවරණය කරමින් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

Subject Related Activities

විෂය කරුණු පහසුවෙන් මතක තබා ගැනීම සඳහා විශේෂිත ක්‍රමවේද සහ විවිධ ක්‍රියාකාරකම් පන්තිය තුළ ක්‍රියාත්මක වේ.

Special Question Papers

සිසුන්ගේ දැනුම සහ පළපුරුද්ද වර්ධනය කරමින්, උසස් පෙළ විභාගය සඳහා මනා පුහුණුවක් ලබා දෙන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

Correct Time Frame

පන්ති කාලය තුළ විෂය නිර්දේශය ක්‍රමවත්ව ආවරණය කරමින්, නියමිත කාලය තුළ සිසුන්ව විභාගය සඳහා සූදානම් කරවීම.

Excellent Results

අවසාන ඉලක්කය කරා සිසුන් මෙහෙයවමින්, ඉහළම ප්‍රතිඵල සහ විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට මඟ පෙන්වීම.

Telegram

අපගේ Telegram සමූහ හා එක්වන්න

The Visionary Behind Your Success

ගුරුතුමා පිළිබඳව

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය සහ ආකර්ෂණීය සංයුක්ත ගණිත දේශකවරයා

ඉංජිනේරු සිහිනය යථාර්ථයක් කර ගැනීමට වෙහෙසෙන සිසුන්ගේ ප්‍රමුඛතම තේරීම වන චතුෂ්ක සූසගේ ගුරුතුමා, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2013 වසරේ සංයුක්ත ගණිතයට "A" සාමාර්ථයක් සහ දිස්ත්‍රික් මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් අයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කළ ඔහු, අද වන විට දිවයිනේ වඩාත් ක්‍රමවත් සහ ප්‍රතිඵලදායී ටියුෂන් පද්ධතියකට හිමිකම් කියයි.

ඔහුගේ සුවිශේෂී ඉගැන්වීමේ විලාසය, ආකර්ෂණීය කථිකත්වය සහ ගුණාත්මක නිබන්ධන මාලාව නිසා සෑම වසරකම සිසුන් දහස් ගණනකගේ සරසවි සිහිනය සැබෑ වේ.

2023 උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල වාර්තාව:

  • 500+ සිසුන් පිරිසක් රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීම.
  • 150+ සිසුන් පිරිසක් ඉංජිනේරු පීඨ (Engineering) සඳහා තේරී පත්වීම.
  • 75+ සිසුන් පිරිසක් පරිගණක විද්‍යා පීඨ (Computer Science) සඳහා තේරී පත්වීම.

වැඩිම සිසුන් ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල සඳහා මෙහෙයවූ, ශ්‍රී ලංකාවේ අසමසම සංයුක්ත ගණිත පාඨමාලාව සමඟ එක්වී ඔබේ ජයග්‍රහණයත් සහතික කරගන්න.

ගුරුතුමා පිළිබඳව
Moments

Our Gallery

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5

Frequently Asked Questions